අලුත්කඩේ ප්‍රදේශයෙන් ආසාදිතයින් 56ක්

ගත වූ පැය 24 තුළ හඳුනාගත් නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වේ.කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ 12 අලුත්කඩේ ප්‍රදේශයෙහි ආසාදිතයින් 56ක් ලෙසිණි.

තවත් කොවිඩ් රෝගීන් දෙදෙනෙකු ඊයේ මියගොස් ඇත. ඒ අනුව, මෙරටදී මියගොස් ඇති කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 109කි. මෙලෙස මියගොස් ඇත්තේ 76 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 96 හැවිරිදි කාන්තාවක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඊයේ (28) දිනයේ නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 487 දෙනෙකු හඳුනාගත් අතර ඉන් 223 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මීට අමතරව කොටහේන හා බ්ලුමෙන්ඩල් ප්‍රදේශයෙන් ආසාදිතයින් 45ක් ද, කොළඹ -2 ප්‍රදේශයෙන් ආසාදිතයින් 28ක්, ග්‍රෑන්ඩ්පාස් 17ක්, මට්ටක්කුලියෙන් 13ක් හා කොළඹ වරායෙන් ආසාදිතයින් 19ක් වාර්තා වී තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 78 සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 15 දෙනෙකු ඊයේ හඳුනාගත් නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් අතර වේ. රුණෑගල හා රත්නපුර දිස්ත්‍රික්කවලින් ද ඊයේ දිනයේ දී ආසාදිතයින් 14ක් බැගින් ද මාතර දිස්ත්‍රික්කයෙන් 13ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 8ක් හා අම්පාර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 7 දෙනෙකු ද වාර්තා වී තිබේ.

කෙසේවෙතත් මේ වන විට මිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් පොකුර 19,447 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් ආසාදිතයින් 13,223 දෙනෙකු සුවය ලබා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.