හෙට (30) උදෑසන 5 සිට මේ දක්වා හුදකලා කර තිබෙන කොළඹ දිස්ත්රික්කයේ පිටකොටුව, වෙරළබඩ ප්රදේශය හා මට්ටක්කුලිය යන ප්රදේශවල ද ගම්පහ දිස්ත්රික්කයේ රාගම හා මීගමුව යන පොලිස් ප්රදේශවල ද හුදකලාභාවය ඉවත් කෙරේ.
හුදකලා බව තවදුරටත් ක්රියාත්මක ප්රදේශ, මෝදර පොලිස් වසම, බ්ලුමැන්ඩල් පොලිස් වසම, කොටහේන පොලිස් වසම, ග්රෑන්ඩ්පාස් පොලිස් වසම, ආදුරුප්පු වීදිය පොලිස් වසම, වේල්ලවීදිය පොලිස් වසම, කෙසෙල්වත්ත පොලිස් වසම, මාළිගාවත්ත පොලිස් වසම, දෙමඩගොඩ පොලිස් වසම, මරදාන පොලිස් වසම, කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ වෑකන්ද ග්රාම නිලධාරී වසම, බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්රාම නිලධාරි වසම
ගම්පහ දිස්ත්රික්කයේ හුදකලා බව තවදුරටත් පවතින ප්රදේශ, පෑලියගොඩ, කැලණිය, වත්තල වේ.