ලංකාව ඉන්දියාව සහ මාලදිවයින ආරක්ෂක සහයෝගීතාව වැඩි වෙයි

මාලදිවයින් ආරක්‍ෂක අමාත්‍ය ගරු. මාරියා දීදි මැතිනිය ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා සහ ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් මහතා ආරක්ෂක හමුවීම සිදුවූ අතර රටවල් ත්‍රිත්වයේ ආරක්ෂක සහයෝගීතාව වැඩිදියුණු කිරීම සඳහා සහයෝගීතා ප්‍රවේශය, බුද්ධි තොරතුරු හුවමාරු කර ගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමේ මාර්ග පිළිබඳව සාකච්ඡා පවත්වා ඇත.

රටවල් අතර ආරක්ෂක සම්බන්ධතාවය ශක්තිමත් කිරීම සඳහා සිය පූර්ණ සහයෝගය ලබාදෙන බව මේජර් ජෙනරාල් ගුණරත්න ප්‍රකාශ කල අතර ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර නොවැම්බර් 28 වන දින පැවැත්වීමට නියමිත සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳ 4 වන ජාතික ආරක්‍ෂක උපදේශක ත්‍රෛපාර්ශ්වික සමුළුවට සහභාගීවීම සඳහා මාලදිවයින් ආරක්ෂක ඇමතිවරිය කොළඹට පැමිණ තිබේ.

මෙරටට පැමිණි ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක දෝවාල් සමඟ ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් වන සහ අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කළේය. සමුද්‍රීය සහයෝගීතාව, බුද්ධි අංශ හුවමාරු කර ගැනීම, කලාපය තුළ ශක්තීන් ඉහළ නැංවීම, මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමේ මාර්ග සහ ස්වාභාවික විපත්වලට ප්‍රතිචාර දැක්වීමේ මාර්ග වැඩිදියුණු කිරීම සඳහා සහයෝගී යාන්ත්‍රණයක් පිළිබඳව එහිදී නිලධාරීන් දෙදෙනාම තවදුරටත් සාකච්ඡා කළහ.

ඉන්දියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර නොවැම්බර් 28 වන දින පැවැත්වීමට නියමිත සමුද්‍රීය ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ 4 වන ජාතික ආරක්ෂක උපදේශක ත්‍රෛපාර්ශ්වික සමුළුවට සහභාගී වීම සඳහා අජිත් දෝවාල් මහතා කොළඹට පැමිණ තිබේ.

ඔහු නවදිල්ලියේ ප්‍රමුඛ පෙළේ චින්තනයක් වන විවේකානන්ද ජාත්‍යන්තර පදනමේ ආරම්භක අධ්‍යක්ෂවරයා වන අතර, ඔහු ‘ජාතික ආරක්ෂාව සහ උපායමාර්ගික අධ්‍යයන’ සම්බන්ධ ගැටළු කෙරෙහි අවධානය යොමු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.