දෙමළ ඊළමෙහි නිල පුෂ්පය ලෙස 2004 වසරේදී නම් කළ ‘කාර්තිගයිපූ මල’ (Karthigaipoo/Gloriosa) ඊයේ රාත්‍රියේ මධ්‍යම ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් හි පාර්ලිමේන්තු නිවාසයෙහි ආලෝකමත් වනු දැකගත හැකි වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම මලෙහි රූපයක් සමඟ “අපට මතකයි” සහ “ශ්‍රී ලංකා රජයේ ජන සංහාරයෙන් නිදහස් වීමට සටන් කළ වීරයන් අපට මතකයි” යැයි එහි සටහන් කර ඇත.
කොරෝනා හේතුවෙන් අපිට නොවැම්බර් 27 වන දින මහජන රැස්වීම් පැවැත්විය නොහැකි බැවින්, අපගේ වීරයන් වෙනත් ආකාරයකින් සැමරීමට අපි තීරණය කළා” යැයි බ්‍රිතාන්‍යයේ ද්‍රවිඩ ක්‍රියාකාරිණියක් වන මාලතී පවසා ඇතැයි The New Indian Express පවසයි.
අපගේ මවුබිම වන ශ්‍රී ලංකාවේ මෙම සැමරීම මැඩපැවැත්වීමට මෙන්ම අපගේ දිවි පිදූවන් සිහි කිරීම වැළැක්වීමට උත්සාහ කරමින් සිටින බවත් ඔබව කිසිදා අමතක නොවනු ඇත. ද්‍රවිඩයන්ට යුක්තිය, සාමය සහ ස්ථිර ආරක්ෂාව ලැබෙන තුරු අරගලය දිගටම කරගෙන යාමට අපි පොරොන්දු වෙමු යැයි තවත් තරුණ සංවිධායකයෙකු වන ශංකර් පවසා ඇතැයිද ඔවුන් වාර්තා කර තිබේ.