2017 වර්ෂයේදී මීගමුව ගේට්වේ ජාත්‍යන්තර පාසලේ 6 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ අද්රියානා නම් සිසුවියට පාසලේ ඉංග්‍රීසි විෂය භාර ගුරුවරයා විසින් සිදුකල පහරදීමකට එරෙහිව සිසුවියගේ මව ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කර ඇත.
එම ශිෂ්‍යාවගේ මව 2019 08 18 වන දින මානව හිමිකම් පිළිබදව එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් මේ වනවිට එම පැමිණිල්ල ලියාපදිංචි කර ඇති බවත් බී බී සී පුවත් සේවය වාර්තා කරයි.
බී බී සී පුවත් සේවය වැඩිදුරටත් පෙන්වාදෙන ආකාරයට මේ පිළිබදව කරුණු දැක්වීමට ශ්‍රී ලංකා රජයට ලබන මාර්තු මාසය තෙක් කල් ලබා දී ඇත. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියෙන් කිසිදු පිළිසරණක් නොමැති වූ කළ සිය දියණිය ද සමඟ අම්මා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පිහිට පැතුවේ, සිය දරුවන් වෙනුවෙන් පමණක් නොව එවැනි ඉරණමකට මුහුණ දෙන සියලු දරුවන් වෙනුවෙනි.
ඒ, දරුවන් වෙනුවෙන්ම Stop Child Cruelty සංවිධානය පිහිටුවීමෙන් අනතුරුවය. ඇය 2019 අගෝස්තු 18 වෙනි දින මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය (UNHRC) වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ල ලියාපදිංචි කරන ලද බව පසුගිය සතියේ ඇය වෙත දැනුම් දුන්නේය. ඒ සම්බන්ධයෙන් පිළිතුරු දීම පිණිස ලබන වසරේ මාර්තු මාසය දක්වා ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට කල් ලබා දුන් බව ද සිසුවියගේ මව වන වෛද්‍ය තුෂ් වික්‍රමනායක වෙත දැනුම් දී තිබේ.
සිය රටේ දී සිදු වූ අසාධාරණයකට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආයතනයක පිහිට පැතූ පළමු ශ්‍රී ලාංකික දැරිය අද්රියානාය.
පෞද්ගලික පාසලක් බැවින් ශ්‍රී ලංකා මානව හිමිකම් ආයතනය වෙත පැමිණිල්ලක් ගොනු කිරීමට නොහැකි වූ බවද සිසුවියගේ මව විසින් සදහන් කර තිබේ. තවද අදාල සිදුවීමෙන් පසු ඇතිවූ පසුතැවීම් හේතුවෙන් සිය පවුල ශ්‍රී ලංකාව අතහැර බ්‍රිතාන්‍යයේ පදිංචියට පැමිණි බවද ඇය බී බී සී පුවත් සේවය වෙත පවසා ඇත.