බන්ධනාගාර ඇසුරෙන් හඳුනාගත් කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 900 ඉක්මවා ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
අද (28) දිනයේ නව ආසාදිතයින් 87 දෙනෙකු හඳුනාගැනීමත් සමග බන්ධනාගාර ඇසුරෙන් හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 908 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.
ආසාදිත පිරිස අතර බන්ධනාගාර නිලධාරින් 52 දෙනෙකු සිටින අතර රැඳවියන් 113 දෙනෙකු සහ නිලධාරින් සිව්දෙනෙකු මේ වනවිටත් සුවය ලබා ඇත.
මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ රැදවියන් පිරිසක් බන්ධනාගාර වහලය මත නැග අදත් විරෝධතාවක නිරත විය. තමන්ට නිදහස ලබා දෙන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රැදවියන් දස දෙනෙකු පමණ මෙලෙස විරෝධතාවයේ නිරත වන අතර ඔවුන්ට සහය දක්වමින් තවත් බන්ධනාගාර රැදවියන් 150කට වැඩි පිරිසක් බන්ධනාගාර පරිශ්‍රයේ විරෝධතාවයේ නිරත වී ඇත.