LPL දෙවන ගැටුමෙන් ජැෆ්නා ස්ටැලියොන්ස්ට ජය

‍ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ ගොල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමග පැවැති තරගය කඩුලු 08කින් ජය ගැනීමට ජැෆ්නා ස්ටැලියොන්ස් කණ්ඩායම සමත් විය.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ඊයේ (27) රාත්‍රීයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ගොල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කල අතර ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 175ක් ලබා ගැනීමට සමත් විය.

නායක ශයිඩ් අෆ්රිඩි ලකුණු 58ක් ද ධනුෂ්ක ගුණතිලක ලකුණු 38ක් ද රැස් කල අතර පිළිතුරු ඉනිම සඳහා පන්දුවට පහරදුන් ජැෆ්නා ස්ටැලියොන්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 03ක් අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී සිටියදී ලකුණූ 176ක් ලබා ගනිමින් ජය ලබා ගත්තේය.

අවිශ්ක ප්‍රනාන්දු පන්දු 63කදී ලකුණු 92ක් ද සොයිබ් මලික් ලකුණූ 27ක් ද ලබා ගත්තේය. අවිශ්ක ප්‍රනාන්දුගේ ලකුණු 92ක ඉනිම හතරේ පහර 5 කින් සහ හයේ පහර හතක් ද ලබා ගැනීමට සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ ගාලු කණ්ඩායමේ නායක ශහිඩ් අෆ්රිඩි පළමුවෙන් පන්දුවට පහර දුන්නේය. ෂොයිබ් මලික් නොදැවී ලකුණු 27ක් ලබා ගත් අතර, ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට ගොඩ නැගුණු නොබිදුණු සබදතාවය ලකුණු 110කි.

පන්දු යැවීමේ දී මොහොමඩ් අමීර් සහ මොහොමඩ් ශිරාස් අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියේය. තරගයේ වීරයා අවිශ්ක ප්‍රනාන්දු ලබා ගත්තේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.