0මෙරටට පැමිණ සිටින ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර ඊයේ (27) පස්වරුවේ විජේරාම නිවසේදී හමුවක් සිදු විය.
ප්‍රථමයෙන් දෝවාල් මහතා විසින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සුබපැතුම් පණිවුඩයක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ නාමල් රාජපක්ෂ මහතා වෙත පිරිනැමූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
එමෙන්ම කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ වුවද රටවල ආර්ථිකය ශක්තිමත් කළ යුතු බවත් මෙම කලාපයේ සෙසු රටවල් ද සමඟින් ආර්ථිකය නගාසිටුවීමේ හා සංවර්ධනය කරා ගමන් කිරීමේ ක්රමෝපායන් සොයා ගත යුතු බවට මෙහිදී දෙපාර්ශ්ව අතර වැඩිදුරටත් අදහස් හුවමාරු කර ගෙන ඇත.