තවත් සුළි කුණාටුවක් ශ්‍රී ලංකාව ආසන්නයේ වර්ධනය වෙමින් පවතින අතර එය ලබන සතියේ දිවයිනට බලපානු ඇති Accuweather experts පවසයි.
මෙම සති අන්තයේ බෙංගාල බොක්ක හරහා අඩු පීඩනයක් ඇතිවනු ඇතැයි අපේක්ෂා කරන අතර ලබන සතියේ ශ්‍රී ලංකාව සහ දකුණු ඉන්දියාවට ළඟා වීමට ඉඩ ඇති බවත් ඊට පෙර සුළි කුණාටුවක් බවට පත්විය හැකි බව ද Accuweather experts ට්වීට් කරමින් පවසයි.
ලබන සතියේ අගභාගයේදී අන්දමන් සහ නිකොබාර් දූපත් අසල තවත් අඩු පීඩනයක් ඇතිවිය හැකි බව ද ඔවුන් පවසති. නිවාර් සුළි කුණාටුව ළඟා වෙත්ම මේ සතියේ දී ශ්‍රී ලංකාව උතුරු ප්‍රදේශයට රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණි.
අද දිනයේදී ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළදී, අඩුපීඩන තත්වයක් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (28) දින කාලගුණ අනාවැකිය නිකුක් කරමින් පෙන්වා දෙයි. ඉදිරි දින කිහිපයේදී එය දිවයිනේ කාලගුණය කෙරෙහි බලපෑම් ඇති කරන බව ද ඌව, මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල ස්ථාන ස්වල්පයක අද සවස 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 පමණ තරමක තද වැසි ද ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින බවද දැනුම් දෙයි.