නිර්මාණ ශිල්පී ශනිත් ප්‍රනාන්දු විසින් ‘චූලෝ Chulo ලේබලය යටතේ නව සරම් එකතුවක් එළි දක්වා ඇත.
වෙනස්ම නිර්මාණ එකතුවක් වන මෙය සුවපහසුව ආකර්ෂණය සියල්ලම එකට මුසු කරමින් පහසුවෙන් ඕනෑම අවස්ථාවකට ගැලපෙන ආකාරයෙන් ඇඳිය හැකි අයුරින් නිර්මාණය කර ඇත.
එමෙන්ම මෙම එකතුවෙහි අද්විතීය ලක්ෂණය වන්නේ වෙනත් ආකාරයකින් සරල සරම් මෝස්තරකින් සමන්විත වීමය. විවිධ මෝස්තර එකතු කරමින් මෙම සරම් විලසිතාකරණය මෙලෙස සිදු කර ඇත්තේ ඔහුගේ ගවේෂී නිර්මාණ වල තවත් එකතුවක් ලෙසිනි.
ශ්‍රී ලංකාවේ හිටපු අමාත්‍යවරයකු මෙන්ම ජනප්‍රිය සහ දක්ෂ නිර්මාණ ශිල්පියකු වන ශානිත් ප්‍රනාන්දු සුප්‍රසිද්ධ ජාත්‍යන්තර නිර්මාණකරුවන් මෙන්ම නර්තන ශිල්පීන් සමඟ ද කටයුතු කර ඇත.