නව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය.
සී.ඩී. වික්‍රමරත්න මහතා මෙරට 35 වන පොලිස්පතිවරයායි. 1986 දී ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස සේවයට එක්වූ ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ මෙන්ම කොතලාවල ආරක්ෂක විද්‍යා පිඨයේ ද උපාධිධාරයෙකි.
මිට අමතරව බ්‍රැඩ්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයේ සහ හාර්වඩ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා හදාරා තිබේ.
ජනාධිපතිවරයා නව පොලිස්පතිවරයාට සිය සුබ පැතුම් පිරිනැමූ අතර පොලිස්පතිවරයා ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.