එල්ටීටීඊ නායක වේල්ලුපිල්ලේ ප්‍රභාකරන්ව ෆේස්බුක් ඔස්සේ ප්‍රවර්ධනය කරමින් එල්ටීටීය ප්‍රචාරය කල සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එල්ටීටීඊය ප්‍රවර්ධනය කරන ඕනෑම උත්සවයක් පැවැත්වීමට එරෙහිව දැනටමත් අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
අධිකරණ නියෝගය පිළිබඳව උතුරු හා නැගෙනහිර මහජනතාවට දැනටමත් දැනුම් දී ඇත. යුද්ධයේදී සිංහල හා දෙමළ සිවිල් වැසියන් කිහිප දෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමට එල්ටීටීඊය වගකිව යුතු බව ඔහු පැවසීය.
එල්ටීටීඊය විසින් සිදුකරන ලද අපරාධවලට ගෞරවය දැක්වීම සම්බන්ධයෙන් එරාවූර් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනාට එරෙහිව නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති පැවසීය.