මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස සි.ඩි.වික්‍රමරත්න අද දින පොලිස් මුලස්ථානයේ වැඩ භාර ගැනීම සිදු වේ.
1986 ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙක් ලෙස සේවයට එක්වූ එතුමා කොළඹ විශ්ව විද්‍යාලයේ BSc මෙන්ම කොතලාවල ආරක්ෂක විද්‍යා පිඨයේ MSc උපාධිධාරයෙකි.
මිට අමතරව බ්රැඩ්ෆොර්වඩ් විශ්ව විද්‍යාලයේ සහ හාර්වඩ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා හදාරා ඇත.
2019 වර්ෂයේ අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පසුව අප්‍රේල් 28 වෙනිදා සිට මේ දක්වා ඔහු වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනු ලැබු අතර අභිනව පොලිස්පතිවරයා වසර 34ක කාලයක් සිය සේවා සම්පුර්ණය කර ඇත.