වෛශනී වෙල්රාජ්
කළුතර සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලට අනුයුක්ත සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රාජකාරී කටයුතුවලින් ඉවත් වී තිබේ.
ස්ථාන මාරුකර තිබූ වෛද්‍යවරයෙකු යළිත් වරක් බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය සඳහා අනුයුක්ත කිරීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත.
මේ හේතුවෙන් කළුතර සහ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආශ්‍රිතව සිදුකරනු ලබන PCR පරීක්ෂණ කටයුතුවලට ද බලපෑම් එල්ල වී ඇත.
කළුතර සහ බේරුවල MOH අංශවලට සම්බන්ධ පීඑච්අයි නිලධාරීන් නැවත පවරා ඇති වෛද්‍යවරයා සමඟ එකට වැඩ කළ නොහැකි බවට චෝදනා කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අපට පැවසීය.