අපොස සාමාන්‍ය පෙළ ගැන තීරණය ඉදිරි සතියේදී

අපොස සාමාන්‍ය පෙළ විභාගය නියමිත දින පැවැත්වෙන්නේද නැද්ද යන්න ඉදිරි දින කිහිපයේදී තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මෙවර පෙනී සිටින සිසුන් වෙනුවෙන් අදාළ විෂය නිර්දේශ පන්ති කාමර මට්ටමෙන් හෝ මාර්ගගත ක්‍රමය යටතේ මේ වනවිට කොතෙක් දුරට ආවරණයකර තිබේ ද යන්න සොයා බැලීමට පියවර ගෙන ඇත.

2020 අපොස සාමාන්‍ය පෙළ විභාගය ජනවාරි 18 වනදා සිට 27 වනදා දක්වා පැවැත්වීමට නියමිතය. හුදකලා කර ඇති බස්නාහිර පළාත සහ දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල පාසල් ආරම්භය තවත් පමා වන්නේ නම් ඒ ගැන සලකා බැලීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.