සුඩාන හිටපු අගමැතිවරයෙකු වු සදික් අල්-මහඩි කොවිඩ් නයින්ටීන් වෛරසයට ගොදුරුවිමෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
84 හැවිරිදි සදික් අල්-මහඩි 1986 වසරේ සිට 1989 වසර දක්වා සුඩාන අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කර තිබේ.
වෛරසය ආසාදනය විම හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රෝහලක සති තුනක පමණ කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදි ඔහු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
සුඩාන හිටපු අගමැතිවරයාගේ පවුලේ සාමාජිකයින් සහ ඥාතින් 21 දෙනෙකු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් බව මීට පෙර හඳුනාගෙන තිබූ බව වාර්තා වේ.