ජර්මනියේ ගත වූ පැය 24 තුළ කොවිඩ් ආසාදිතයින් 18, 633 දෙනෙකු හඳුනාගෙන ඇති අතර සමස්ත ආසාදිතයින් ගණන 961,320ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගත වූ පැය 24 තුළ ජර්මනියේ වාර්තා ගත කොවිඩ් මරණ සංඛ්‍යාවක් සිදුවී තිබේ. එම කාලය තුළ එරට මරණ 410ක් සිදුව ඇති අතර ජර්මනියේ සමස්ත මරණ සංඛ්‍යාව 15,000ට ආසන්න වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා පැනවූ සංචරණ සීමා ඉදිරි නත්තල් සමය හා අලුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් ලිහිල් කිරිමේ හැකියාව පිළිබඳව ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල්ගේ අවධානය යොමුව ඇති අවස්ථාවක එරට කොවිඩ් මරණ ගණන එලෙස ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත් කොරෝනා උත්සන්න වීම තුල ජර්මනියේ නත්තල සැමරීමට නොහැකි වනු ඇති එරට බොහෝ පිරිස් පවසා ඇත.