කොවිඩ් මරණ ගණන 96 දක්වා වැඩිවේ

අද (25) දින තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටදී මේ දක්වා කොවිඩ් ආසාදිතව සිටි 96 දෙනෙක් මියගොස් ඇති අතර ඉන් 83 දෙනෙක්ම මියගොස් ඇත්තේ දෙවැනි කොවිඩ් රැල්ලෙනි.

ඊයේ වාර්තා වූ කොවිඩ් මරණය කොළඹ 12 පදිංචිව සිටි 45 හැවිරිදි කාන්තාවකි. කොළඹ ජාතික රෝහලේදී නොවැම්බර් 23 වනදා මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය සමග ඇතිවූ අධික රුධිර පීඩනයයි.

අනෙක් කොවිඩ් මරණය පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ජයවර්ධනපුර රෝහලේ සිට කොවිඩ් රෝගියෙකු ලෙස හඳුනාගැනීමෙන් පසුව පිඹුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එම රෝහලේදී නොවැම්බර් 25 වනදා මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් ආසාදනය සමග උග්‍ර වූ අක්මා රෝගී තත්ත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.