එක් වරක් භාවිතා කර ඉවතලන මුඛ ආවරණ නිසා පරිසරයට හානියක්

ඉන්දික ශ්‍රී අරවින්ද  

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හමුවේ එක් වරක් පමණක් භාවිතා කර ඉවතලන මුඛ ආවරණ නිසා පරිසරයට හානියක් සිදුවන බව පරිසර අමාත්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

දැනට එවැනි මුඛ ආවරණ දිනකට මිලියන 06ක් පරිසරයට මුදා හරින බවත් ඒ සඳහා අවශ්‍ය සෞඛ්‍ය උපදේශයන් පවා  මෙතෙක් ලබා දී නොමැති බවත් අමාත්‍යවරයා පැවසිය.

කොවිඩ් ආසාදිතයන්, ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හා රෝගයෙන් ආරක්ෂා වීම සඳහා මුඛ ආවරණ පලඳින පුද්ගලයන් වශයෙන් කොටස් තුනක පිරිස් මෙම මුඛ ආවරණ පලඳිනු ලබයි. එහිදී ආසාදිතයන් හා ආශ්‍රිතයන් පලඳින මුඛ ආවරණ ඇතුළු අපද්‍රව්‍ය විධිමත් පරිදි බැහැර කෙරේ.

එහෙත් කිසිදු ආරක්ෂක පිළිවෙතක් අනුගමනය නොකරමින් අවිධිමත් ලෙස මුඛ ආවරණ පරිසරයට විසිකර දමන පුද්ගලයන්ද මේ අතර සිටින බව අමරවීර අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එබැවින් මෙම මුඛ ආවරණ ප්‍රතිශක්ති කරණය සඳහා පළාත් පාලන ආයතන සමග  එක්ව නව වැඩපිළිවෙලක් සකස් කිරීම සම්බන්ධව මධ්‍යම පරිසර අධිකාරිය සාකච්ඡා ආරම්භ කර ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.