සේවිකාවට පහර දුන් නිලධාරියා අත්අඩංගුවට

බස්නාහිර පලාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොල කාර්යාලයේ කළමනාකරණ සහකාර නිලධාරිනියකට පහර දුන් එම කාර්යාලයේ ප්‍රධාන ඉංජිනේරුවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දුරකථන අංකයක් ලබාදීමට ප්‍රමාද වූ බව කියමින් තමන්ට බැණ වැදුණු බවත් පසුව මෙලෙස පහරදුන් බවට එම නිලධාරිනිය චෝදනා නගා තිබුණා.

මේ අතර මෙම පහරදීම සම්බන්ධයෙන් ඉංජිනේරුවරයාගේ වැඩතහනම් කිරීමට පියවර ගෙන ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේය.

කෙසේ හෝ පහර දෙන අවස්ථාවේදී එම නිලධාරිනිය විසින් එය සිය ජංගම දුරකථනයේ පටිගත කර ගෙන තිබු අතර පසුව මාධ්‍ය හා සමාජ මාධ්‍ය තුල හුවමරුවිමත් සමග ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි අවධානයක් යොමු වී තිබුණ අතර අමාත්‍ය ප්‍රසන්න රණතුංග ද මේ පිළිබදව අවධානය යොමු කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.