කොළඹ තවමත් අවදානම්

ඊයේ දිනයේ කොවිඩ් -19 ආසාදිතයින් 458 දෙනෙකු හඳුනාගත් අතර ඉන් 259 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.

කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 78 දෙනෙකු සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 23 දෙනෙකු ඊයේ හඳුනාගත් කොවිඩ් -19 ආසාදිතයින් අතරට අයත් ය. මේ වනවිට මිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් පොකුර 17,432 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් ආසාදිතයින් 11,156 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ සමස්ථ සංඛ්‍යාව 20,965ක් වන අතර ඉන් රෝගීන් 14,961ක් පූර්ණ සුවය ලැබූවන් ය. ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර බලන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5,910කි.

ඊට අමතරව පොලීසියේ 19 දෙනෙකු සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ 17 දෙනෙකු ද කොවිඩ් ආසාදිතයින් ලෙස ඊයේ අලුතින් හඳුනාගැණුනි.
බන්ධනාගාර තුළින් ආසාදිතයින් 24 දෙනෙකු ඊයේ දිනයේ හඳුනාගත් අතර ප්‍රදේශය තහවුරු නොවූ ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වී තිබුණි.

එමෙන්ම තවත් කොවිඩ් රෝගීන් සිව් දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. ඒ අනුව, මෙරටදී මිගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 94කි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.