සර්වඥ ධාතූන් වහන්සේලා සහිත කරඬු 04ක් දීඝවාපියෙන් හමුවෙයි

දීඝවාපිය පුදබිම ආශි‍්‍රත ප‍්‍රදේශයේ සිදුකරන පුරාවිද්‍යා කැනීම්වලදී ඓතිහාසික දීඝවාපිය පුදබිමේ සිදුකළ කැනීමකදී සර්වඥ ධාතූන් වහන්සේ සහිත කරඬු 04 ක් සොයා ගෙන ඇත.

ශෛලමය මංජුසාවක් තුළ මෙම කරඬු 04 තැන්පත් කර තිබී ඇත. එම මංජුසාව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මත විවෘත කර තිබේ. ඉන්පසුව මෙලෙස මෙම කරඬු 04 සොයා ගැනීමට සමත් වී ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව එම කරඬු 04 ද ඊයේ 24 දිනයේ විවෘත කර ඇත. එවිට එහි තැන්පත් කර තිබී මෙම සර්වඥ ධාතූන් වහන්සේ හමුවී ඇති බව ද දෙපාර්තමේන්තුව පවසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.