පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් වූ චෝදනාවක් හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු මඩකලපුව මහාධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.
සැකකරුවන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි මඩකළපුව මහාධිකරණ නියෝග කරනු ලැබුවේය.
2005 වර්ෂයේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු නැගෙනහිර පළාත් මහ ඇමැති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු 05 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කළේය.