නිවාර් නම් ප්‍රබල සුළි කුණාටුව ශ්‍රී ලංකාව දෙසට ගමන් කරමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මෙම සුළි කුණාටුව ඉදිරි පැය 24 ක කාලය තුළ චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය විය හැකි බවට ද අනුමාන කෙරේ
අද උදෑසන 10.30 වනවිට එය කන්කසන්තුරය වෙරළට කිලෝ මීටර් 325ක් දුරින් මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පැවතුණ අතර අද පස්වරු 05.30 වනවිට එය කන්කන්තුරයට කිලෝ මීටර් 263 ක් දුරින්ද, හෙට අලූයම 05.30 වනවිට කිලෝ මීටර් 168 ක් දුරින් ද, ස්ථානගතව පවතිනු ඇති බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ දෙපාර්තමේන්තුව පවසන්නේ උතුර, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ජීවත්වන ජනතාව මතුවිය හැකි තත්ත්වයන් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බවය.