මානව හිමිකම් ක්රියාකාරීන් දෙදෙනෙකු වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් අතුරුදන්වීමේ සිද්ධියට අදාළව යාපනය මහේස්ත්රාත් අධිකරණයේ විභාග වන නඩුව වෙනුවෙන් හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට නිකුත් කර තිබූ සිතාසිය බල රහිත කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.
ලලිත් කුගන් දෙදෙනා අතුරුදන්වූ 2012 වසරේදී ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කලේ ගෝඨාභය රාජපක්ෂ මහතා බැවින් අදාළ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව යාපනය මහේස්ත්රාත් අධිකරණයේ විභාග වන නඩුවේ එක් වගඋත්තරකරුවෙකු ලෙසද ඔහුද නම් කර තිබිණි
ඒ අනුව නඩුවට පෙනීසිටීම සඳහා යාපනය අධිකරණය විසින් රාජපක්ෂ මහතාට සිතාසියක් නිකුත් කර තිබූ අතර එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසටයි ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඔහුගේ නීතීඥයන් පසුගිය වසරේදී අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇත