පාසැල් අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මව්පියන් ඇතුළු පාසැල් ප්‍රජාව වඩාත් සුදුසු තීරණය ගත යුතු බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
අමාත්‍යංශය ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ රටතුළ පවතින කොවිඞ් තත්ත්වය මොහොතින් මොහොත වෙනස් වන පසුබිමක සියලූ පාසැල් පිළිබඳ පොදු තීරණයක් කි‍්‍රයාවට නැංවීම ප්‍රායෝගිකව අපහසු බවය.
පවතින අවදානම තුළ පාසැල් විවෘත කිරීම වැරදි තීරණයක් බව ගුරු සංගමය පවසයි. අධ්‍යාපන අමාත්‍යංශයේ දත්තවලට අනුව වයඹ පළාතේ සිසුන්ගෙන් 35% ක් සහ ගුරුවරුන්ගෙන් 85% ක් ද දකුණු පළාතේ සිසුන්ගෙන් 15% ක්ද, ගුරුවරුන්ගෙන් 80% ක්ද, සබරගමුවේ සිසුන්ගෙන් 55% ක්ද, ගුරුවරුන්ගෙන් 86% ක්ද උතුරු මැද පළාතේ සිසුන් 305 දෙනෙකු පමණක් පාසැල් වෙත පැමිණෙද්දී ගුරුවරුන්ගෙන් 80% ක්ද මධ්‍යම පළාතේ සිසුන් 40% ක් සහ ගුරුවරුන් 80% ක්, උතුරේ සිසුන් 47% ක් හා ගුරුවරුන් 75% ක්, නැගෙනහිර සිසුන් 28% ක් හා ගුරුවරුන් 80% ක්ද, ඌව පළාතේ සිසුන් 30% ක් හා ගුරුවරුන් 80% ක් පාසැල් වෙත ඊයේ පැමිණි ඇත.