අද දින තවත් කොවිඩ් මරණ 3ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පවසයි. ඒ අනුව, මේ දක්වා මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ ගණන 90කි.
කොළඹ නගර සීමාවේ කොවිඩ් රෝගීන් දෙදෙනෙකු හා හෙයියන්තුඩුව ප්‍රදේශයේ කාන්තාවක් එසේ මියගොස් ඇත. මියගිය තිදෙනාට, කොළඹ 15 ප්‍රදේශයේ 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, කොළඹ 14 ප්‍රදේශයේ 60 කාන්තාවක්, හෙයියන්තුඩුව ප්‍රදේශයේ 86 හැවිරිදි කාන්තාවක් අයත්වේ.
මධ්‍යම පළාත තුළිනුත් මේ වනවිට කොවිඩ් රෝගීන් වාර්තාවීම පිළිබඳව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ කොළඹ හුදකලා කිරීම හමුවේ එම ප්‍රදේශ ආශ්‍රිතව හිටපු පුද්ගලයින් මෙලෙස පිටත්ව යෑමෙන් කොරෝනා මධ්‍යම පළාතට වියාප්ත වී ඇති බවය. යම් ප්‍රදේශයකින් ආශ්‍රිතයෙක් හමු වූ විට සෙසු ජනතාවට ඉන් තර්ජනයක් තිබේද නැද්ද යන්න සොයා බලා ඒ අනුව හුදකලා කිරීම හෝ නොකිරීම ආදී කරුණු ගැන තීරණය කරන බවත් හමුදාපතිවරයා පැවසීය.