ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 62 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් සියලුදෙනා මුහුණු ආවරණ පැළඳ නොසිටීම සහ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නොයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස 30 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 527 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ඔවුන් සියලුදෙනාට එරෙහිව ඉදිරියේදී නිරෝධායන නීති යටතේ නඩු පැවරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය. කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් වසම් 18ක තවදුරටත් සංචරණ සීමා ක්‍රියාත්මක වේ.