ගූගල් ලූන් Google Loon ව්‍යාපෘතිය අසාර්ථක වීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දොස් පැවරීය.
වත්මන් රජය බලයට පත්වීමට පෙර විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රනාන්දු පාර්ලිමේන්තුවට කියා සිටියේ ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (ටී.ආර්.සී.එස්.එල්) යටතේ පැවති මෙම ව්‍යාපෘතියට ශ්‍රී ලංකාවේ අන්තර්ජාල ආවරණයක් ලබා ගත හැකිව තිබූ බවය.
කෙසේ වෙතත්, එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම සහෝදරයා ශ්‍රී ලංකා ටෙලිකොම් හි ප්‍රධානියා ලෙස පත් කිරීමෙන් ව්‍යාපෘතියේ ප්‍රගතිය අවහිර කළ බව ඔහු පැවසීය.
මේ වන විට පවතින් කොරෝනා වෛරස් හමුවේ ගූගල් ලූන් ව්‍යාපෘතිය තිබුණානම් ‘ගෙදර සිට වැඩ’ සංකල්පය ප්‍රවර්ධනය කිරීමට උපකාරී වනු ඇතැයි ඔහු පැවසීය.
ගූගල් ලූන් ව්‍යාපෘතිය සඳහා එවකට ශ්‍රී ලංකා රජය ශතයක්වත් වියදම් නොකළ බව හිටපු අමාත්‍යවරයා පැවසීය. මෙම ව්‍යාපෘතිය සාර්ථක බව ගූගල් සමාගම පවා පවසා ඇති නමුත් ව්‍යාපෘතියට ඒ වන විට දේශීය වශයෙන් අවශ්‍ය සහය නොලැබුණු බව ඔහු පැවසීය.