ව්‍යාජ ඇමරිකානු ඩොලර් නෝට්ටු සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
කන්තලේ කොට්ඨාස අපරාද විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සිදුකල වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
ව්‍යාජ ලෙස සකස් කරන ලද ඇමෙරිකානු ඩොලර් 100 නෝට්ටු 341ක් සමඟ එක් සැකකරුවෙකු සහ ව්‍යාජ ලෙස සකස් කල ඇමරිකානු ඩොලර් 100 නෝට්ටු 34ක් සමඟ තවත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන කන්තලේ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
එලෙස අත්අඩංගුවට පත්වූ සැකකරුවන් වයස අවුරුදු 42 සහ 48 පසු වෙති. බණ්ඩාරවෙල සහ ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙති.
කන්තලේ පොලිසිය වැඩි දුර විමර්ශන සිදු කරයි.