ජනාධිපතිට අගමැති මෝදිගේ සහාය

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ධුරයට පත්වී පළමු සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක් කර ඇත.

ඉන්දීය ශ්‍රී ලංකා සම්බන්ධතාවය නව ක්ෂේත්‍ර කරා ව්‍යාප්ත වී ඇති බවත් පසුගිය වසරක කාලය තුළ එය ශක්තිමත් වූ බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබේ.

COVID-19 වසංගතය නිසා ඇති වන අභියෝග මධ්‍යයේ දෙරට අතර ශක්තිමත් සහයෝගීතාවය දෙරටේ මිත්‍ර සබඳතා සංකේතවත් කරන බව අගමැති මෝදි අවධාරණය කළේය.

COVID 19 වසංගතයට එරෙහිව මෙන්ම ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රමුඛතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සටනට සහය දැක්වීමට ඉන්දියාව සූදානම් බව අග්‍රාමාත්‍ය මෝදි නැවත අවධාරණය කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ තීරණාත්මක නායකත්වය යටතේ ද්විපාර්ශ්වික සම්බන්ධතාවයේ පූර්ණ හැකියාවන් සාක්ෂාත් වනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කළේය.

අග්‍රාමාත්‍ය මෝදි මහතා ඉදිරි ධුර කාලය තුළ ජනාධිපතිවරයාගේ සාර්ථකත්වයට සුභ ප්‍රාර්ථනා එක් කරමින් දෙරටේ අඛණ්ඩව සමීප සහයෝගීතාවය දීර්ඝව පවතිනු ඇතැයිද පැවසීය.

සුභ පැතුම් ලිපිය නායකත්ව මට්ටමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර නිරන්තර අන්තර් ක්‍රියාකාරිත්වයන් අඛණ්ඩව පවත්වා ගෙන යන අතර එමඟින් COVID-19 වසංගතය හේතුවෙන් ඇති වූ අභියෝග මධ්‍යයේ වුවද සංවර්ධන සහයෝගීතාව, වෙළඳ හා ආර්ථික සබඳතා, ජනතාව අතර සම්බන්ධතා යන ක්ෂේත්‍රවල සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.