බන්ධනාගාර රැඳවියකු රෝහලේදී කොවිඩ් නිසා මරුට

රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති බන්ධනාගාර රැඳවියා කොවිඩ් ආසාදිතයෙකු වන අතර 82 හැවිරිදි එම පුද්ගලයා මහර බන්ධනාගාරයේ රැඳවියෙකි.

ඇති වු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් එම පුද්ගලයාව රාගම රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී මියගොස් ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

පසුව සිදුකළ පීසීආර් පරීක්ෂණයක දී ඔහු කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.