ඉන්දික ශ්‍රී අරවින්ද
සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්, සංචාරක වාසස්ථාන සඳහා ලබා දී ඇති විදුලි බිල්පත් සහනය තවත් මාස 06ක් සඳහා දීර්ඝ කරන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබේ.
කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳවැටී ඇති බවත් එය තවමත් යථාතත්වයට පත්ව නොමැති බැවින් අඳාල සහනය තවත් මාස 06කට දීර්ඝ කිරීමට සලකාබලන ලෙසයි විදුලිබල මණ්ඩලය වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත.
සංචාරක හෝටල්, සංචාරක වාසස්ථාන සඳහා මේ වනවිට මාර්තු 1 වැනිදා සිට අගෝස්තු 31 දක්වා විදුලි බිල්පත් ගෙවීමට සහන කාලයක් ලබා දී තිබුණි.