වෛද්‍යවරයෙකු පාසැල් සිසුවෙකුට වායු රයිෆලයකින් වෙඩි තබයි

ඇරැව්වල ධර්මපාල විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ සෙල්ලම් කරමින් සිටි සිසුවෙකුට වෛද්‍යවරයෙකු විසින් වායු රයිෆලයකින් වෙඩි තැබීම හේතුවෙන් එම සිසුවා තුවාල ලබා රෝහල් ගත කොට ඇත.

පාසලේ ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරමින් සිටි මේ සිසුවා පන්දුව අසල වත්තකට යාම නිසා එය නැවත ලබා ගැනීමට යාමේදී මෙම සිදුවීමට මුහුණපා ඇති බවත් තුවාල ලැබූ පාසැල් සිසුවා කළුබෝවිල රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවත් සඳහන් වේ.
පොලිසිය පැවසුවේ.

මෙලෙස පාසැල් සිසුවාට වෙඩි තබා ඇත්තේ මහරගම අපේක්ෂා රෝහලේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකු වන අතර ඔහුව මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සැකකාර වෛද්‍යවරයා අද දිනයේදී නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.