වසර 2500ක් පමණ පැරණි ඊජිප්තුවේ කයිරෝ නගරයට දකුණින් පිහිටි පාරාවෝ රජවරුන්ට අයත් සුසාන භූමියකින් ඉතා හොඳින් සංරක්ෂණය කරන ලද සිරුරු 100 ක් පමණ හමුවී තිබේ.
ඉතා හොඳින් මුද්‍රා තබා තිබූ පෙට්ටි වල සංකීර්ණ තීන්ත මෝස්තර හොඳින් ආරක්ෂා වී ඇත. රන් ආලේපිත මුහුණු ආවරණ හා රන් ආභරණ ද සමග සිරුරු මිහිදන් කර තිබූ බව එරට පුරාවිද්‍යාඥයින් පවසයි. සිරුරේ හැඩයටම සකස් කරන ලද දැවමය විසිතුරු හැඩතල සහිත පෙට්ටිවල මෙම සිරුරු සුරක්ෂිත කර තිබේ.
එම සිරුරු උසස් පුද්ගලයන්ට අයත් ඒවා වියහැකි බව ඒවා සංරක්ෂණය කර තිබේ. එමෙන්ම පුරාවිද්‍යාඥයින් විසින් එක් පෙට්ටියක් විවෘත කර සිරුර ස්කෑන් පරීක්ෂණයක් සඳහා යොමුකර තිබේ. එමගින් සිරුර සංරක්ෂණය කළ ආකාරය සම්බන්දව තොරතුරු සොයාගැනීමට හැකිවූ බව ඔවුහු පවසති.
එම සිරුර අඩි 5.4 – 5.7 අතර පිරිමි පුද්ගලයෙකුට අයත් බවත් ඔහුගේ ජීවිත කාලය හොඳ සෞඛ්‍යයෙන් ගතකර ඇති බවත් අවුරුදු 40 – 45ත් අතර වයසේදී මියයන්නට ඇති බවත් විද්‍යාඥයෝ අනුමාන කරති.
මෙම සොයාගැනීම විශේෂිඨ බවත් මෙම සිරුරු බහා තිබූ පෙට්ටිවල ගුණාත්මකභාවය හා ප්‍රමාණය අනුව ඒවා උසස් පුද්ගලයන්ට අයත් බව පෙනී යන බවත් ඊජිප්තුවේ පුරාවස්තු කවුන්සිලයේ මහලේකම් මොස්ටාෆා වසිරි පවසා ඇත.
පෞරාණික සිරුරු ඊජිප්තුව පුරා පිහිටි කෞතුකාගාර වලට යැවීමට සැලසුම් කර ඇති බව එරට සංචාරක හා පුරාවස්තු අමාත්‍යාංශය පවසයි. තවද ඊජිප්තුවේ පළමු රාජ වංශය දක්වා දිවෙන මෙම විශාල සුසාන භූමියේ පැරණිතම පිරමීඩය ද පිහිටා තිබේ.
- CNN ඇසුරින් / ඡායාරූප – රොයිටර්