ඊයේ (22) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 400ක් හඳුනා ගත්තේ මහනුවරින් ආසාදිතයින් 27ක් වාර්තා වෙමිනි. ඊයේ දිනයේ දී මෙරට සිදුකර ඇති පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 12,095කි.
කෝවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය පරිදි 9 දෙනෙක් විදේශීය රටවල සිට මෙරටට පැමිණි ලාංකීකයින් වේ.
ඊයේ දිනයේ දීත් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ 121ක් ලෙසය. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 112කි. මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුර 16,639ක් දක්වා ඉහළ ගියේය.