පාසල් වෑන් රථ, පුද්ගලික වාහන, ත්‍රීරෝද රථ විශේෂ අවදානයට

පාසල් වෑන් රථ හෝ පුද්ගලික වාහන නැතිනම් ත්‍රීරෝද රථ ගැන විශේෂ අවදානයක් හෙට (23) සිට යොමු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පාසල් විවෘත කිරීමේ කාලසීමාව ඒ වගේම පන්ති කාමරවල තියෙන තත්ත්වය ගැන සෞඛ්‍ය අංශ සමග සෞඛ්‍ය බලධාරීන් අදාළ කටයුතු සිදුකරමින් පවතින බවත් ඒ සදහා අවශ්‍ය සහාය පොලිසිය ලබා දෙන බවත් පාසල් ළමුන් ප්‍රවාහනය කරන ප්‍රවාහන මාධ්‍යයන්, පාසල් බස්රථ, පාසල් වෑන් රථ, පුද්ගලික වාහන ත්‍රීරෝද රථ ගැන විශේෂ අවදානයක් යොමු කරන බවත් අජිත් රෝහණ මහතා පැවසීය.

වැඩි දුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා, පාසල්වලට ළමුන් ප්‍රවාහනයේ දී ගතයුතු නිසි ක්‍රියාමාර්ග ගැන සෞඛ්‍ය මාර්ගෝපදේශ ගණනාවක් තියෙනවා. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයත් මේකට උපදෙස් ලබා දුන්නා ඒවා අනුගමනය කරන්න ඕනේ. ඉස්සර නම් ත්‍රීරෝද රථවල පාසල් දරුවන් දෙතුන් දෙනෙක් ගියත් මෝටර් රථ පනතට පටහැනි වුණත් අපි ඒ ගැන කටයුතු කළේ නෑ. හෙට ඉදලා මේ ගැන නම් අපි වැඩිපුර අවදානය යොමු කරනවා. වාහනයක යම් ආකාරයක දුරස්ථභාවයක් තිබිය යුතුයි. ඒ වගේ අයට අවවාද කරලා උපදෙස් දෙන්න බලාපොරොත්තු වෙනවා”.යනුවෙන් පැවසීය.

මෙසේ සිදු කරන්නේ දඩ ගැසීමකට, උසාවියට දැමීමට හෝ අත්අඩංගුවට ගැනීමකට නොවන බව ද ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.