ඊයේ (21) රාත්‍රීයේ සිට අමෙරිකාවේ සමස්ත ආසාදිතයින් මිලියන 12 ඉක්මවාගොස් ඇති පසුබිමක කැලිෆෝනියා ප්‍රාන්තයට රාත්‍රී ඇඳිරිනීතිය පැනවීමට ප්‍රාන්ත බලධාරීන් තීරණය කර තිබේ.
අමෙරිකාවේ පළමු ආසාදිතයන් මිලියනය සම්පූර්ණ වුණේ, එරටින් මුල්වරට ආසාදිතයෙකු හඳුනාගෙන දින 98කට පසුවය. එහෙත් අවසන් ආසාදිතයන් මිලියනය සම්පූර්ණ වීමට ගතවී තිබෙන්නේ දින 6කි.
අමෙරිකාවෙන් කොවිඩ් මරණ 261,790ක ප්‍රමාණයක් මේ වන විට වාර්තා වී තිබේ. එරට තුළ පෙරට වඩා වේගවත්ව, පුළුල්ව හා දීර්ඝ වශයෙන් වසංගතය පැතිර යමින් ඇති බවට විශේෂඥයින් අනතුරු අඟවා ඇත.
එමෙන්ම වෛරසය බොහෝදුරට ව්‍යාප්ත වන්නේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන ආසාදිතයන්ගෙන් බව වසංගත රෝග ව්‍යාප්තිය පාලනය හා වැළැක්වීම සඳහා වන අමෙරිකානු ආයතනය පෙන්වාදෙයි. ඒ අනුව ආරක්ෂිත මුහුණු ආවරණ පැළඳීමේ වැදගත්කම ද ඔවුන් දැඩිව අවධාරණය කරයි.
සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අද 58,491,492 ලෙස දැක්වේ. මේ වන විට වාර්තා වී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 1,386,400කි.