කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 4කට පනවා ඇති සංචරණ සීමා හෙට (23) උදෑසන 5 සිට ඉවත් කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
බොරැල්ල, වැල්ලම්පිටිය, කොටුව හා කොම්පඤ්ඤවීදිය යන පොලිස් වසම්වලට පනවා ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 13ක තවදුරටත් හුදකලාභාවය පවතින බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය. කොම්පඤ්ඤවීදියේ පිහිටි වෑකන්ද ග්‍රාම නිලධාරී වසම හා බොරැල්ලේ පිහිටි වනාතමුල්ල ග්‍රාම නිලධාරී වසම තවදුරටත් හුදකලා කර පවතී.
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ ජා – ඇළ හා කඩවත යන පොලිස් වසම් දෙකේ ද සංචරණ සීමා හෙට උදෑසන ඉවත් කෙරෙන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් වසම් 5ක සංචරණ සීමා තවදුරටත් බලපැවැත්වේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ තවදුරටත් හුදකලා කර ඇති ප්‍රදේශ වන්නේ මීගමුව, වත්තල, පෑලියගොඩ, රාගම, කැලණිය වේ. කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම පොලිස් වසමේ මේ මොහොතේ සිට හුදකලා කළ ග්‍රාම නිලධාරී වසම් බෝගහවත්ත, බමුණුමුල්ල (මුස්ලිම්) ප්‍රදේශය, කිරිමන්තුඩාව, කෝරාවල, අටලුගම බටහිර, බමුණුමුල්ල , ගලගහමණ්ඩිය