කොවිඩ් රෝගීන් 9 දෙනෙකුගේ මරණ (21) දින වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.ඒ අනුව මෙරටදී වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 83කි.
ඒ අනුව අද දිනයේදී නව කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 487 දෙනෙකු හඳුනා ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
අද දිනය වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ ආශ්‍රිතව ව්‍යාප්තිය ඇරඹි කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 16,252කි. මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 19,771 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඉන් සුවය ලබා ඇති ආසාදිතයින් සංඛ්‍යාව 13,590ක් වන අතර දැනට රෝහල් ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 6,107ක් වේ