කොළඹ අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉන් පළාගිය කොවිඩ් ආසාදිත කාන්තාව ඇහැළියගොඩ සිඳුරංගල කැලෑබඳ ප්‍රදේශයක සිටියදී ගම්වාසීන් විසින් සොයා ගෙන ඇති බව පොලීසිය පවසයි.
වයස අවුරුදු 25 ක් වන අදාළ කාන්තාව අතුරුදන්ව සිටීම හේතුවෙන් ඇයගේ ඡායාරූපයක් පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබිණි.
කොළඹ අයි.ඩී.එච්.රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇහැළියගොඩ පදිංචි මෙම කාන්තාව, එම රෝහලේම සිටි වයස අවුරුදු දෙකක් පමණ වන සිය දරුවාද සමග පෙරේදා (19) රාත්‍රියේ රෝහලෙන් පළාගොස් තිබුණි. ඇයගේ දරුවා ඊයේ (20) සොයා ගැනිණ.