ඉන්දික ශ්‍රී අරවින්ද
චමල් රාජපක්ෂ මහතා අභ්‍යන්තර ආරක්ෂාව පිළිබද රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දැනුම් දී තිබේ.
අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා Colombo Gazette වෙත ප්‍රකාශ කළේ තමන්ට පැවරී ඇති අධික රාජකාරි හේතුවෙන් තවදුරටත් අභ්‍යන්තර ආරක්ෂාව පිළිබද රාජ්‍ය අමාත්‍ය ධූරයේ කටයුතු කිරීම අපහසු තත්වයක් මතුවීම නිසා එම ධුරයෙන් ඉවත් වන බවයි.
එහෙත් වාරි මාර්ග අමාත්‍ය ධුරයේ රාජකාරි කටයුතු ඒ ආකාරයෙන්ම තමන් යටතේ පවත්වාගෙන යන බවත් රාජ්‍ය ඇමති ධුරයෙන් පමණක් ඉවත් වෙන බව ඔහු සඳහන් කළේය.
එහිදී ජනාධිපතිවරයා චමල් රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීම පිළිගන්නා බවට ප්‍රකාශ කළ බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසිය.