මහ බැංකු සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.
ඔහු ආපනශාලා සේවකයෙකි. මේ වන විට මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරින් ඇතුළු පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.
කෙසේවෙතත් ඔවුන්ගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකර ඇති අතර ඔවුන් සියලූ දෙනාම ආසාදිතයින් නොවන බවට තහවුරු වී ඇත.
මෙම තත්ත්වයන් යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අත්‍යවශ්‍ය සේවා සියල්ල කිසිදු බාධාවකින් තොර ව අඛණ්ඩ ව පවත්වාගෙන යන බව මූල්‍ය වෙළෙඳපොළ සහ මහජනතාව වෙත ශ්‍රී ලංකා මහ බැංකුව දන්වා සිටියි.
[email protected] සහ [email protected] යන විද්‍යුත් ලිපියනයන් ඔස්සේ ද, 0112 477 966 හෝ කලින් දන්වා ඇති දුරකථන අංක ඔස්සේ ද මහජනතාවට ශ්‍රී ලංකා මහ බැංකුව හා සම්බන්ධ විය හැකි ය.