2021 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (21) සිව්වන දිනටත් පාර්ලිමේන්තුවේදී පැවැත්විය.
2021 අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 99 කින් අද (21) පාර්ලිමේන්තුවේ දී සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 151 හිමි වූ අතර අයවැයට විපක්ෂව ඡන්ද 52ක් හිමිවිය.
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය 17 වන දා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර අයවැය දෙවන වර කියවීමේ විවාදය 18 වන දින සිට ආරම්භ කෙරුණි. අයවැය කාරක සභා අවස්ථා විවාදය ලබන සඳුදා ආරම්භ වීමට නියමිත අතර එය දෙසැම්බර් 10 වන දින දක්වා පැවැත්වෙන අතර එදින පස්වරු 05.00 ට තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.
අද අයවැය විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ, රට බරපතළ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින බවය.