මේ වනවිට ඔහු ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය පවසයි. අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පසුගිය දා කොවිඩ් ආසාදිත බවට තහවුරු වු අතර, ඔහුගේ බිරිඳ මෙලනියා ට්‍රම්ප්ට හා ඔවුන්ගේ බාල පුත්‍රයාට ද වෛරසය ආසාදනය වී ඇත.
ගෙවී ගිය දිනයේ එරටින් නව ආසාදිතයන් 195,428 දෙනෙකු හඳුනාගෙන තිබූ අතර නව මරණ 1,902කි. අමෙරිකාවේ මේ වන විට හමුවී ඇති සමස්ත ආසාදිතයින් ගණන 12,274,726 කි. ඉන් ආසාදිතයින් 7,316,323ක් පූර්ණ සුවය ලබා ඇති අතර, සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ ගණන 260,283කි.
ලොව පුරා මේ වන විට කොවිඩ් ආසාදිත මරණ 1,377,584ක් සිදුව ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරන අතර වැඩිම ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ අමෙරිකාවෙනි.