අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ඉල්ලීම පරිදි දෙවන වරටත් ගණනය කෙරුණු ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද ප්රථිඵලවලින් ජෝ බයිඞ්න් යළිත් වරක් එම ප්‍රාන්තයේ ජයග්‍රහණය තහවුරු කරගෙන ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි.
සෑම ප්‍රාන්තයක්ම ඉදිරි සති කිහිපය තුළදී තම ප්‍රාන්තයේ ජනාධිපතිවරණ ප්‍රථිඵල තහවුරු කළ යුතු බවටයි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් දැනුම් දී ඇත.
ඩොනල්ඞ් ට්‍රම්ප්ට වඩා ජෝ බයිඞ්න් ඡුන්ද 12,284 කින් පමණ ඉදිරියෙන් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. අනෙකුත් ප්‍රාන්තවල දෙවන වර ඡන්ද ගණනය කිරීම් ද ඉදිරි සති කිහිපය තුළදී සිදු කිරීමට නියමිත බවයි විදෙස් වාර්තා වැඩි දුරටත් පවසයි.
ඩොනල්ඞ් ට්‍රම්ප්ට අමෙරිකානු ජනාධිපතිවරණයේ ජයග්‍රහණය හිමි වීමේ සම්භාවිතාව ඉතා අඩු බව ද විදේශ දේශපාලන විචාරකයින් පෙන්වා දෙන අතර පවතින ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව ඩිමොක්රටික් අපේක්ෂක ජෝ බයිඞ්න්, ඩොන්ල්ඞ් ට්‍රම්ප්ට වඩා මිලියන 05 කට අධික ඡන්ද ප්‍රමාණයක් හිමි කර ඇත.