ඉන්දික ශ්රී අරවින්ද
පාර්ලිමේන්තු සේවකයන් රැගත් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට ඇති පොකුණට පෙරළී ඇති බව වාර්තා වෙයි.
අද (20) පස්වරුවේ ඇදහැළුණු මහ වර්ෂාව හේතුවෙන් රියදුරුට මාර්ගය නිසි ලෙස නිරීක්ෂණය නොවීම අනතුරට හේතුව වී ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය වන අවස්ථාවේදී බස් රථය තුල පාර්ලිමේන්තුවේ සේවය කරනු ලබන නිළධාරින් 30 ක ප්රමාණයක් සිට ඇති බවත් ඔවුන්ගෙන් ඇතැම් අයට සුළු සීරීම් සහ තැලීම් සිදුව ඇති බවයි පාර්ලිමේන්තුවේ සංනිවේදන අංශයේ ප්රධානි ශාන් විජේතුංග මහතා ප්රකාශ කළේය.