ක්‍රීඩකයෙකුට ජාත්‍යන්තර ක්‍රිකට් සඳහා සහභාගී විය හැකි අවම වයස් සීමාවක් ලෙස අවුරුදු 15 ක් විය යුතු බව ජාත්‍යන්තර ක්‍රීකට් කවුන්සිලය සඳහන් කරයි.
මේ අතර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වීම සඳහා පැමිණි විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙකුට මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.
මෙම තරඟාවලිය සඳහා සහභාගී වන කැනඩා කණ්ඩායමේ පිතිකරුවෙකු වන රවින්ද්‍ර පාල් සිං කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා යොමු කර ඇති බවත් මීට අමතරව පාකිස්ථාන කණ්ඩායමේ සොහෙල් තණ්වීර් ද ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන වාර්තා වේ.