ඉන්දික ශ්‍රී අරවින්ද
කොළඹ නගර සීමාවේ හුදකලා කර ඇති ප්‍රදේශයන්හි හිඩැස් ඇති බැවින් වහාම දැඩි සංචරණ නීති සති 2ක කාලයකට පනවන ලෙස රජයෙන් යළිත් වරක් ඉල්ලා සිටින බව කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය Colombo Gazette වෙත පැවසිය.
ඒ අනුව කොළඹ නගර සිමාවේ කොට්ඨාශ 47 ක මෙලෙස දැඩි පාලනයක් අවශ්‍ය බවයි ඇය ප්‍රකාශ කළේය.
පුද්ගලයින් ලක්ෂ 6 කට වැඩි ජනතාවක් පදිංචි වී සිටින කොළඹ නගර සිමාව තුළ අද වන විට පවුල් 70,000 ක් පමණයි හුදකලා කිරීමට ලක්කර ඇත.
මේ වනවිට කොළඹ නගර සිමාව තුළ කොරෝනා මරණ 28ක් සහ කොරෝනා ආසාදිතයින් 4836ක් හඳුනාගෙන තිබේ. කොරෝනා වෛරසය හේතුවෙන් රජය ෆේල් වෙනවාට තමන් කැමති නැතැයි කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.
ඒ නිසා සියලු දෙනාම මැදිහත්වී වසංගතයෙන් ගොඩ ආ යුතු බවත් රජයට පමණක් වගකීම දී විවේචනය කිරීම වැරදි බවත් ඇය සඳහන් කරන්නීය. කොළඹ නගර සභා සීමාවේ දැනට හුදෙකලා කර ඇති ප්‍රදේශ නිසි පරිදි ලොක් ඩවුන් කරන්නේ නම් දෙසැම්බර් පළමු සතිය වන විට සියලුම ප්‍රදේශ විවෘත කළ හැකි බවද රෝසි සේනානායක මහත්මිය පෙන්වා දෙයි.