ඉන්දික ශ්‍රී අරවින්ද
දැනට චීනයේ සිට ආනයනය කරනු ලබන ශල්‍ය මුහුණු ආවරණ සහ KN 95 මුහුණු ආවරණය ලබන සතියේ සිට ආනයනය අත්හිටුවනු බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා Colombo Gazette වෙත පැවසිය.
මෙරට මුහුණු ආවරණ නිෂ්පාදකයින් විසින් රටට අවශ්‍යකරන ප්‍රමාණවත් මුහුණු ආවරණ නිෂ්පාදනය කිරීම නිසා මෙලෙස ආනයනය අත්හිටුවිමටයි තීරණය කර තිබෙන්නේ.
covid – 19 ව්‍යසනය හමුවේ විශාල විදේශීය විනිමය ප්‍රමාණයක් මේ සඳහා වැය කිරීම පාලනය කිරීමත්,දේශීය නිෂ්පාදකයින් රැක ගැනීමත් මෙහි ප්‍රධාන අරමුණ වෙයි. දිනකට ශල්‍ය මුහුණු ආවරණ ලක්ෂ පහළොවක් පමණ රට තුළ භාවිතයට ගැනෙන අතර මේ වන තෙක් චීනය සහ තවත් රටවල් කිහිපයකින් මෙම මුහුණු ආවරණ ආනයනය සිදු කරණු ලබයි.
එහිදී ශල්‍ය මුහුණු ආවරණයක උපරිම සිල්ලර මිල රුපියල් 15/- කටත්, KN 95 මුහුණු ආවරණයක උපරිම මිල රුපියල් 100/- කටත් අලෙවි කිරීමට ආනයනකරුවන් සහ නිෂ්පාදකයින් සමග සිදුකරණු ලැබූ සාකච්ඡාවකදී එකඟවූ බව ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළා.
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ ඉල්ලුම ඉතාම ඉහළ ගිය ශල්‍ය මුහුණු ආවරණ (Surgical mask) සියල්ලම රට තුළම නිෂ්පාදනය කිරීම මේ වන විට ආරම්භ කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩිදුරටත් පැවසිය.